Posts

Showing posts from January, 2023

Holiday special school for grade 11 students

Image
 

A new era begins @2023

Image
We warmly welcome Mr. Sampath Weragoda to the DS Senanayake college as the new principal.

2023.01.13 දින කළමනාකරණ කමිටු සාකච්ඡාවෙන් ගනු ලැබූ තීරණ මෙසේ දැනුම් දෙමි.

 2023.01.15 විශේෂ දැනුම් දීමයි. 10-11 ශ්‍රේණි සියළුම ගුරු භවතුන් වෙත, ගරු විදුහල්පතිතුමන්ගේ පුර්ණ උපදෙස් සහ මඟපෙන්වීම පරිදි 2023.01.13 දින කළමනාකරණ කමිටු සාකච්ඡාවෙන් ගනු ලැබූ තීරණ මෙසේ දැනුම් දෙමි. 1.  විෂය සමගාමී කටයුතු සහ ක්‍රීඩා පුහුණුවීම් කටයුතු සඳහා පාසල් කාලය තුළ සිසුන් යොමු නොකළ යුතු අතර එම කටයුතු සඳහා පාසල් කාලයෙන් පෙර හෝ පසු යොදා ගත යුතුය. 2. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන පෙර සිසුන් සඳහා වාර පරීක්ෂණ දෙකක් පැවැත්වීමට නියමිත අතර පෙර දැනුම් දී ඇති පරිදි ‍ ප්‍රශ්න පත්‍ර සකස් කර ශ්‍රේණි ප්‍රධාන ගුරුතුමාට  භාර දෙන මෙන් දැනුම් දෙමි. 3. 2023.01.13 සිට ඉදිරි කාලය අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ගේ පැමිණීම 80%  තිබිය යුතු අතර එසේ නොමැති නම් එම සිසුන්ට  බාහිර අයදුම්කරුවන් ලෙස පෞද්ගලිකව විභාගයට අයදුම් කිරීමට සිදු වේ. 4. අනියම් නිවාඩු ගැනීමට පෙර අංශ ප්‍රධාන ස්වාමීන් වහන්සේගේ අනුමැතිය ලබා ගත යුතු අතර, එහිදී එම කාලච්ඡේද  ආවරණය සිදු කරන ආකාරය  දැනුම් දිය යුතුය.(මාර්ගගතව නිවසේ සිට smartboard හරහා ඉගැන්වීම, පැවරුම්, පරීක්ෂණ යනාදිය). තවද , ඉදිරි වැඩ කටයුතු සැලසුම් කිරීමට දැනට

විශේෂ දැනුම් දීමයි - 2023.01.15

 2023.01.15 විශේෂ දැනුම් දීමයි =========================== 11 ශ්‍රේණියේ සියලුම සිසු දරුවන් හා දෙමාපියන් වෙත, ▪️ ගරු  විදුහල්පතිතුමාගේ උපදෙස් පරිදි  2023.01.13 සිට ඉදිරි කාලය අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ගේ පැමිණීම 80%  තිබිය යුතු අතර එසේ නොමැති නම් එම සිසුන්ට  බාහිර අයදුම්කරුවන් ලෙස පෞද්ගලිකව විභාගයට අයදුම් කිරීමට සිදු වේ. ▪️විෂය සමගාමී කටයුතු සහ ක්‍රීඩා පුහුණුවීම් කටයුතු සඳහා පාසල් කාලය තුළ සිසුන් යොමු නොකළ යුතු අතර එම කටයුතු සඳහා පාසල් කාලයෙන් පෙර හෝ පසු යොදා ගත යුතුය. ▪️අඩු සාධන මට්ටම් ඇති සිසුන් සඳහා පාසල මගින් සංවිධානය කරන විශේෂ වැඩසටහන් වලට   අනිවාර්‍යයෙන්ම  සම්බන්ධ විය යුතුය. ▪️ ප්‍රතිපෝෂණ වැඩ සටහන්, නිවාඩු දින ඉගැන්වීම්, මාර්ග ගත ඉගැන්වීම්, වාර විභාගය, සම්මන්ත්‍රණ කටයුතු සඳහා සිසු දරුවන් සම්බන්ධ කිරීමට දෙමාපියන් කටයුතු කළයුතුය. එමගින් වඩා හොඳ ප්‍රතිඵලයක් දරුවන්ටත් පාසලටත් අත්කරගත හැකි වනු ඇත.   තෙරුවන් සරණයි. පූජ්‍ය ගල්ලල ශාන්තිදේව හිමි 10-11 අංශ ප්‍රධාන.

ප්‍රතිපෝෂණ වැඩසටහන 2023.01.16-2023.01.20

 2023.01.15 ප්‍රතිපෝෂණ වැඩසටහන =========================== 11 ශ්‍රේණියේ සියලුම ගුරු භවතුන්,සිසු දරුවන් හා දෙමාපියන් වෙත,  අ.පො.ස. සා.පෙළ  සිසුන් සඳහා වන ප්‍රතිපෝෂණ වැඩසටහන  පහත කාලසටහනට අනුකූලව උදැසන  6.30 සිට 8.00 දක්වා පැවැත්වේ. එහිදී විෂය නිර්දේශය  ආවරණය  කටයුතු වන බව දැනුම්  දෙමි.  2023.01.16 ආගම  2023.01.17 සිංහල  2023.01.18 ගණිතය   2023.01.19  විද්‍යාව  2023.01.20 ඉතිහාසය  තෙරුවන් සරණයි. පූජ්‍ය ගල්ලල ශාන්තිදේව හිමි 10-11 අංශ ප්‍රධාන.

වාර්ෂික පිරිත් පිංකම හා දානමය කුසල කර්මය 2023/2/24 හා 25 දෙදින.

 විශේෂ නිවේදනයයි, ආදරණීය ගුරු මෑණිවරුනි, ගුරු පියවරුනි, හිතවත් දෙමාපියනි, 10/11 අංශයේ සියලු පුතුනි, * ඩී. ඇස්. සේනානායක විද්‍යාලීය  අභිමානවත් පනස් හයවන (56) උපන්දින සැමරීම නිමිත්තෙන් පැවැත්වෙන වාර්ෂික පිරිත් පිංකම හා දානමය කුසල කර්මය 2023/2/24 හා 25 දෙදින. * පිංකම සඳහා අප 10/11 අංශයේ දායකත්වය පහත සඳහන් පරිදි ලබා දිය යුතුව ඇත. * ආදරණීය පන්ති බාර ගුරු මෑණිවරුනි,ගුරු පියවරුනි, එක් පන්තියකින් එක් ළමයෙකුගෙන් රු.250/ බැගින් එකතු කර  2023/1/18 හා 19 යන දෙදින ශ්‍රේණි ප්‍රධාන ගුරු පියවරුන්ට ලබාදීමට කටයුතු කරන්න. * 10/11 අංශයෙන් අටපිරිකර හයක දායකත්වයක් ලබාදිය යුතු අතර එය 2023/2/22 දින ලබා දියයුතු බව. * අප අංශයට පැවරී ඇති රාජකාරි පිළිබඳව අජන්ත දිසානායක හා  නුවන් රත්නායක මහත්වරුන් හමුවීමෙන් පසුව තොරතුරු ලබා ගත හැකි බව දන්වනු කැමැත්තෙමි *පිංකම සාර්ථක කර ගැනීම සඳහා සියලුම ගුරු මෑණිවරු, ගුරු පියවරුන්ගේ විශේෂ සහයෝගය හා සහභාගීත්වය අපේක්ෂා කරමි. තෙරුවන් සරණයි, පූජ්‍ය ගල්ලල ශාන්තිදේව හිමි, 10/11 අංශ ප්‍රධාන

අ.පො.ස.(උ.පෙළ) පන්ති 2023.01.16 දින ආරම්භ වේ.

 සියලුම දෙමාපියන් වෙත, ⭕2021වර්ෂයේ අ.පො.ස.(සා.පෙළ) විභාගයට පෙනී සිටි දරුවන් සදහා අ.පො.ස.(උ.පෙළ) පන්ති 2023.01.16 දින ආරම්භ වේ. ⭕එහිදී වාණිජ හා කලා අංශ සිසුන් සඳහා දෙමාපිය රැස්වීම මෙදින පෙ.ව. 8.30 ට ආරම්භ වන අතර විද්‍යා,ගණිත හා තාක්ෂණ අංශවල සිසුන් සඳහා දෙමාපිය රැස්වීම මෙදින පෙ.ව. 9.30 ට  පාසලේ ප්‍රධාන ශාලාවේදී ආරම්භ වේ. ⭕ඒ අනුව සියලුම සිසුන් කොණ්ඩය හා රැවුල නියමිත පරිදි කපා නියමිත පාසල් නිල ඇඳුමින්, නියමිත වේලාවන්ට තම දෙමාපියන් සමග පාසල් ප්‍රධාන ශාලාවට පැමිණිය යුතුය. ⭕දෙමාපියන් සමග නොපැමිණෙන දරුවන් පාසල තුළ ට ඇතුළත් නොකෙරේ. මෙයට, අ.පො.ස.(උ.පෙළ) අංශ ප්‍රධානීන්
Image
  කොළඹ ඩී ඇස් සේනානායක  විද්‍යාලයේ විදුහල්පති වශයෙන් සේවය කොට 2022.12.31 සිට රාජ්‍ය  සේවයෙන් විශ්‍රාම ගතිමි.   මාගේ රාජකාරි කටයුතු පහසු කරමින්,අධ්‍යාපන ,විෂය සමගාමී කටයුතු අතිශය සාර්ථක ඉහළ තලයකට ඔසවා තැබීමට සහය දුන් ගෞරවනීය ස්වාමීන්වහන්සේලා ,ආදරණීය ගුරුමණ්ඩලය ,සිසු දරුවන් ,ලේකම් තුමා, පාසල් සංවර්ධන සමිති කමිටු සාමාජිකයන් , හිටපු සහ වර්තමාන සභාපතිතුමන් ඇතුලු ආදී ශිෂ්‍ය සංගමය,දෙමාපියන් , සහ අනධ්‍යයන කාර්‍යමණ්ඩලය , මාගේ ගෞරවනීය ස්තුතිය පිරිනමමි.මීට පෙර මා සේවය කළ කොළඹ රාජකීය,අශෝක ,මහානාම සහ කො/ධර්මපාල විද්‍යාලයීය ප්‍රජාවටත්,අධ්‍යාපන අමාත්‍යාංශ,පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු,කලාප අධ්‍යාපන කාර්‍යාලයේ නිලධාරීන් , මා හිතවත් විදුහල්පතිවරුන්, අවංකවම සහාය ලබා දුන් වෘත්තීය හිතමිතුරන් සහ අනෙකුත් සහෘදයින් ඇතුලු ඔබ   සියලුම දෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි. වසර 34 ක අධ්‍යාපන පරිපාලන  ක්ශේත්‍රයේ සේවා කාලය නිමා කරමින්, ඉතාමත්  සතුටින් සහ අභිමානයෙන් ද,වෘත්තීයභාවය ඉක්මවා ගිය මානසික සංතෘප්තියකින් යුත් රාජකාරි පරිසරයක් තුළ ඔබ සමග කටයුතු කොට විශ්‍රාම ලැබීමට හැකිවීම වෙනුවෙන් ඔබ සැමට මාගේ ගෞරවය පිරිනමමි. 

Trip to Kandy 2022 Grade 11

Image
 2022.12.21

Achievers 2020

Image
2022.12.20