වාර්ෂික පිරිත් පිංකම හා දානමය කුසල කර්මය 2023/2/24 හා 25 දෙදින.

 විශේෂ නිවේදනයයි,


ආදරණීය ගුරු මෑණිවරුනි, ගුරු පියවරුනි,


හිතවත් දෙමාපියනි,


10/11 අංශයේ සියලු පුතුනි,


* ඩී. ඇස්. සේනානායක විද්‍යාලීය  අභිමානවත් පනස් හයවන (56) උපන්දින සැමරීම නිමිත්තෙන් පැවැත්වෙන වාර්ෂික පිරිත් පිංකම හා දානමය කුසල කර්මය 2023/2/24 හා 25 දෙදින.


* පිංකම සඳහා අප 10/11 අංශයේ දායකත්වය පහත සඳහන් පරිදි ලබා දිය යුතුව ඇත.


* ආදරණීය පන්ති බාර ගුරු මෑණිවරුනි,ගුරු පියවරුනි,


එක් පන්තියකින් එක් ළමයෙකුගෙන් රු.250/ බැගින් එකතු කර  2023/1/18 හා 19 යන දෙදින ශ්‍රේණි ප්‍රධාන ගුරු පියවරුන්ට ලබාදීමට කටයුතු කරන්න.


* 10/11 අංශයෙන් අටපිරිකර හයක දායකත්වයක් ලබාදිය යුතු අතර එය 2023/2/22 දින ලබා දියයුතු බව.


* අප අංශයට පැවරී ඇති රාජකාරි පිළිබඳව අජන්ත දිසානායක හා  නුවන් රත්නායක මහත්වරුන් හමුවීමෙන් පසුව තොරතුරු ලබා ගත හැකි බව දන්වනු කැමැත්තෙමි


*පිංකම සාර්ථක කර ගැනීම සඳහා සියලුම ගුරු මෑණිවරු, ගුරු පියවරුන්ගේ විශේෂ සහයෝගය හා සහභාගීත්වය අපේක්ෂා කරමි.


තෙරුවන් සරණයි,


පූජ්‍ය ගල්ලල ශාන්තිදේව හිමි,


10/11 අංශ ප්‍රධාන

Comments

Popular posts from this blog

🟡⚫ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023) දෙවනවර විභාගයට අයදුම් කරන සිසු දරුවන් වෙත,

🟡⚫ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023)

🎨🖌️ චිත්‍ර විෂය II -ද්‍රව්‍ය බලා ඇඳීම