තෙවන වාර විභාගය 2022(2023) විභාග උපදෙස්

 තෙවන වාර විභාගය 2022(2023)

විභාග උපදෙස්

===========================

11 ශ්‍රේණියේ සියලුම සිසු දරුවන් වෙත,

11 ශ්‍රේණියේ තෙවන වාර විභාගය 2023.03.13 දින සිට ඔබ වෙත එවා ඇති කාලසටහනුකූලව පැවැත්වෙන බව දැනුම් දෙමි. පහත උපදෙස් හොඳින් පිළිපදින්න.


විභාගයට පෙර


👉එක පන්ති කාමරයක සිසුන් 20 පමණ වන සේ සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන පරිදිම මෙවර විභාගය පැවැත්වෙන බැවින් ඔබට අදාල පන්ති කාමරය පිළිබඳව දැනුවත්ව පැමිණෙන්න.( මේ සමග ඒවා ඇති ස්ථානය දැක්වෙන වගුව බලන්න.)


👉විභාගයට පෙර පන්තිකාමර පිරිසිදු කරගන්න.(එම දිනයට අදාළ පිරිසිදු කරන කණ්ඩායම්)


👉විභාගයට අවශ්‍ය උපකරණ සියල්ල රැගෙන එන්න.කිසිවිටකත් අන්‍යයන්ගෙන් හුවමාරු කරගැනීමට ඉඩ ලබා නොදේ.


👉පොත් බෑග්, ෆයිල් කවර, නිබන්ධන, (Tutes) , කෙටි සටහන්, සටහන් පොත්, පෙළ පොත්, පංති කාමරයෙන් පිටත තබා විනාඩි 10 කට පෙර විභාගය සඳහා අසුන් ගත යුතු වේ.


👉 පොත් බෑග් පන්තියෙන් පිටත පිළිවෙලට තබා යන්න.


විභාගය අතරතුර,


👉 සෑම විෂයක් සඳහාම මුල් පිටුව ඇමිණිය යුතු අතර එහි නම, පන්තිය, විභාග අංකය, විෂය සඳහන් කළ යුතු වේ.(මුල් පිටුව ආකෘතිය ඔබ වෙත එවා ඇත.)


👉 ඔබගේ  විභාග අංකය දැක්වෙන ලේඛනයක් මෙම පණිවිඩය සමග එවා ඇත. (මෙම තාවකාලික අංකය මෙම විභාගය සඳහා පමණක් වන අතර ඔබගේ සාමාන්‍ය පෙළ විභාග අංකය නොවන බව සලකන්න)


👉 සෑම පිළිතුරු පත්‍රයකම විභාග අංකය සඳහන් කරන්න.


👉 විෂය සඳහා ඔබගේ කාලය කළමනාකරණය පිළිබඳ සැලකිලිමත් වන්න. විභාගය සඳහා ලබාදී ඇති සම්පූර්ණ කාලයම භාවිතා කරන්න.අදාළ කාලයට පෙර පිළිතුර පත්‍ර එකතු කිරීමක් සිදු නොවේ.


👉මකන දියර පාසලට ගෙන ඒම සහ භාවිතය සපුරා තහනම් වේ.


👉විභාගයේදී කොපි කිරීම, අන්‍යයන් සමග කතා කිරීම, සංඥා ක්‍රම, ඉඟි භාවිතය යනාදිය සිදු නොකළ යුතු අතර කිසියම් විභාග වරදකට හසු උවහොත්  ප්‍රශ්න පත්‍ර පරික්ෂා නොකරන බව දැනුම් දෙමි.


විවේක කාලයේදී,

👉කෑම පෙට්ටියක ආහාර රැගෙන එන්න. ආහාර විසිරි නොයන සේ තනිව ආහාර ගැනීමට කටයුතු කරන්න.

👉ලන්ච් ෂිට් වලින් දවටන ලද ආහාර පාසලට ගෙන ඒමෙන් ගෙන ඒමෙන් වලකින්න.


විභාගයෙන් පසු,

👉 ප්‍රශ්න පත්‍ර නිසි පරිදි අමුණා නියමිත වේලාවට භාරදෙන්න. නියමිත වේලාවට පසුව ලබා දෙන පිළිතුරු  පත් භාරගනු නොලැබේ.


👉තමන් සිටින ස්ථානයේ පිළිතුරු ලියන කඩදාසි, ප්‍රශ්න පත්‍ර කිසිවක් දමා නොයන්න.

👉

තම අසුන මේසය තුලට ඇතුල් කර නිශ්ශබ්දව විභාග ශාලාවෙන් පිටව යන්න.



තෙවන වාර විභාගයට සාර්ථකව මුහුණ දී ඔබ ලබාගන්නා විභාග අත්දැකීම මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී ඉතා විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමට මනා පිටිවහලක් වනු ඇතැයි අපේක්ෂා කරමු.



තෙරුවන් සරණයි

10-11 අංශ ප්‍රධාන

පුජ්‍ය ගල්ලල ශාන්තදේව හිමි


Comments

Popular posts from this blog

🟡⚫ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023) දෙවනවර විභාගයට අයදුම් කරන සිසු දරුවන් වෙත,

🟡⚫ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023)

🎨🖌️ චිත්‍ර විෂය II -ද්‍රව්‍ය බලා ඇඳීම