2023.01.13 දින කළමනාකරණ කමිටු සාකච්ඡාවෙන් ගනු ලැබූ තීරණ මෙසේ දැනුම් දෙමි.

 2023.01.15


විශේෂ දැනුම් දීමයි.


10-11 ශ්‍රේණි සියළුම ගුරු භවතුන් වෙත,


ගරු විදුහල්පතිතුමන්ගේ පුර්ණ උපදෙස් සහ මඟපෙන්වීම පරිදි 2023.01.13 දින කළමනාකරණ කමිටු සාකච්ඡාවෙන් ගනු ලැබූ තීරණ මෙසේ දැනුම් දෙමි.


1.  විෂය සමගාමී කටයුතු සහ ක්‍රීඩා පුහුණුවීම් කටයුතු සඳහා පාසල් කාලය තුළ සිසුන් යොමු නොකළ යුතු අතර එම කටයුතු සඳහා පාසල් කාලයෙන් පෙර හෝ පසු යොදා ගත යුතුය.


2. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන පෙර සිසුන් සඳහා වාර පරීක්ෂණ දෙකක් පැවැත්වීමට නියමිත අතර පෙර දැනුම් දී ඇති පරිදි ‍ ප්‍රශ්න පත්‍ර සකස් කර ශ්‍රේණි ප්‍රධාන ගුරුතුමාට  භාර දෙන මෙන් දැනුම් දෙමි.


3. 2023.01.13 සිට ඉදිරි කාලය අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ගේ පැමිණීම 80%  තිබිය යුතු අතර එසේ නොමැති නම් එම සිසුන්ට  බාහිර අයදුම්කරුවන් ලෙස පෞද්ගලිකව විභාගයට අයදුම් කිරීමට සිදු වේ.


4. අනියම් නිවාඩු ගැනීමට පෙර අංශ ප්‍රධාන ස්වාමීන් වහන්සේගේ අනුමැතිය ලබා ගත යුතු අතර, එහිදී එම කාලච්ඡේද  ආවරණය සිදු කරන ආකාරය  දැනුම් දිය යුතුය.(මාර්ගගතව නිවසේ සිට smartboard හරහා ඉගැන්වීම, පැවරුම්, පරීක්ෂණ යනාදිය).


තවද , ඉදිරි වැඩ කටයුතු සැලසුම් කිරීමට දැනට ඔබ විසින් ආවරණය කර ඇති විෂය නිර්දේශය පිළිබඳ තොරතුරු පහත සබැඳිය ඔස්සේ ලබා දෙන්න.


10 ශ්‍රේණිය-විෂය ආවරණය

https://forms.office.com/r/0n3pSF72jv

11 ශ්‍රේණිය-විෂය ආවරණය 

https://forms.office.com/r/W9KZkn2T1G


තෙරුවන් සරණයි.

පූජ්‍ය ගල්ලල ශාන්තිදේව හිමි.

10/11 අංශ ප්‍රධාන.

Comments

Popular posts from this blog

🟡⚫ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023) දෙවනවර විභාගයට අයදුම් කරන සිසු දරුවන් වෙත,

🟡⚫ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023)

🎨🖌️ චිත්‍ර විෂය II -ද්‍රව්‍ය බලා ඇඳීම