🟡⚫ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023) Online Application Form 11 ශ්‍රේණියේ පන්තිභාර ගුරුභවතුන්, සිසු දරුවන් සහ දෙමව්පියන් වෙත, මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සියලුම සිසු දරුවන් ඔබගේ අයදුම්පත් මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කළ යුතු අතර ඒ සඳහා පහත උපදෙස් පිළිපදින්න. උපදෙස්:- ____ 👉කිසිදු හේතුවක් නිසා විභාග මධ්‍යස්ථානය, ඉල්ලුම් කරන ලද විෂය, ඉල්ලුම් කරණ ලද මාධ්‍ය පසුව වෙනස් කිරීමට හැකියාව නොලැබේ. එබැවින් අයදුම්පත නිවැරදිව සම්පූර්ණ කිරීම සිදුකළ යුතුය. 👉අයදුම්කරුවන්ගේ නම් ඔවුන්ගේ උප්පැන්න සහතිකයේ දැක්වෙන අයුරින් වාසගම සහිතව ඉංග්‍රීසි කැපිටල් අකුරින් නම(BLOCK CAPITAL) ඇතුළත් කළ යුතුය. 👉එසේම වාසගම් ඇතුළත් නොකරන නමක් වේ නම් ඒ සඳහා ලිපියක් දෙමව්පියන් විසින් 11 ශ්‍රේණි ප්‍රධාන ගුරුතුමා වෙත ලබාදිය යුතුය. 👉නම ඇතුලත් කිරීමේදී, නම් වල අක්ෂර වින්‍යාසය, නම් දැක්වෙන පිලිවෙල හා සම්බන්ධව සිදුවන වැරදි සිදු නොවීමට වගබලා ගතයුතුය. 👉 පසුව නාම සංශෝධන සිදු කරනු නොලැබේ. 👉විභාගයට අයදුම් කරන අවස්ථාව වන විට ජාතික හැඳුනුම්පත් ලබා නොමැති අයදුම්කරුවන් වේ නම්...
Comments
Post a Comment