කොළඹ ඩී ඇස් සේනානායක  විද්‍යාලයේ විදුහල්පති වශයෙන් සේවය කොට 2022.12.31 සිට රාජ්‍ය  සේවයෙන් විශ්‍රාම ගතිමි. 

 මාගේ රාජකාරි කටයුතු පහසු කරමින්,අධ්‍යාපන ,විෂය සමගාමී කටයුතු අතිශය සාර්ථක ඉහළ තලයකට ඔසවා තැබීමට සහය දුන් ගෞරවනීය ස්වාමීන්වහන්සේලා ,ආදරණීය ගුරුමණ්ඩලය ,සිසු දරුවන් ,ලේකම් තුමා, පාසල් සංවර්ධන සමිති කමිටු සාමාජිකයන් , හිටපු සහ වර්තමාන සභාපතිතුමන් ඇතුලු ආදී ශිෂ්‍ය සංගමය,දෙමාපියන් , සහ අනධ්‍යයන කාර්‍යමණ්ඩලය , මාගේ ගෞරවනීය ස්තුතිය පිරිනමමි.මීට පෙර මා සේවය කළ කොළඹ

රාජකීය,අශෝක ,මහානාම සහ කො/ධර්මපාල විද්‍යාලයීය ප්‍රජාවටත්,අධ්‍යාපන අමාත්‍යාංශ,පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු,කලාප අධ්‍යාපන කාර්‍යාලයේ නිලධාරීන් , මා හිතවත් විදුහල්පතිවරුන්, අවංකවම සහාය ලබා දුන් වෘත්තීය හිතමිතුරන් සහ අනෙකුත් සහෘදයින් ඇතුලු ඔබ   සියලුම දෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි.


වසර 34 ක අධ්‍යාපන පරිපාලන  ක්ශේත්‍රයේ සේවා කාලය නිමා කරමින්, ඉතාමත්  සතුටින් සහ අභිමානයෙන් ද,වෘත්තීයභාවය ඉක්මවා ගිය මානසික සංතෘප්තියකින් යුත් රාජකාරි පරිසරයක් තුළ ඔබ සමග කටයුතු කොට විශ්‍රාම ලැබීමට හැකිවීම වෙනුවෙන් ඔබ සැමට මාගේ ගෞරවය පිරිනමමි.   -ප්‍රසන්න උඩමුහන්දිරම් -

Comments

Popular posts from this blog

🟡⚫ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023) දෙවනවර විභාගයට අයදුම් කරන සිසු දරුවන් වෙත,

🟡⚫ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023)

🎨🖌️ චිත්‍ර විෂය II -ද්‍රව්‍ය බලා ඇඳීම