තෙවන වාර විභාගය 2022(2023) විභාග උපදෙස් =========================== 11 ශ්‍රේණියේ සියලුම සිසු දරුවන් වෙත, 11 ශ්‍රේණියේ තෙවන වාර විභාගය 2023.03.13 දින සිට ඔබ වෙත එවා ඇති කාලසටහනුකූලව පැවැත්වෙන බව දැනුම් දෙමි. පහත උපදෙස් හොඳින් පිළිපදින්න. විභාගයට පෙර 👉එක පන්ති කාමරයක සිසුන් 20 පමණ වන සේ සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන පරිදිම මෙවර විභාගය පැවැත්වෙන බැවින් ඔබට අදාල පන්ති කාමරය පිළිබඳව දැනුවත්ව පැමිණෙන්න.( මේ සමග ඒවා ඇති ස්ථානය දැක්වෙන වගුව බලන්න.) 👉විභාගයට පෙර පන්තිකාමර පිරිසිදු කරගන්න.(එම දිනයට අදාළ පිරිසිදු කරන කණ්ඩායම්) 👉විභාගයට අවශ්‍ය උපකරණ සියල්ල රැගෙන එන්න.කිසිවිටකත් අන්‍යයන්ගෙන් හුවමාරු කරගැනීමට ඉඩ ලබා නොදේ. 👉පොත් බෑග්, ෆයිල් කවර, නිබන්ධන, (Tutes) , කෙටි සටහන්, සටහන් පොත්, පෙළ පොත්, පංති කාමරයෙන් පිටත තබා විනාඩි 10 කට පෙර විභාගය සඳහා අසුන් ගත යුතු වේ. 👉 පොත් බෑග් පන්තියෙන් පිටත පිළිවෙලට තබා යන්න. විභාගය අතරතුර, 👉 සෑම විෂයක් සඳහාම මුල් පිටුව ඇමිණිය යුතු අතර එහි නම, පන්තිය, විභාග අංකය, විෂය සඳහන් කළ යුතු වේ.(මුල් පිටුව ආකෘතිය ඔබ වෙත එවා ඇත.) 👉 ඔබගේ විභාග අංකය දැක්වෙන ලේඛ...