A cleaning programme

D.S. සේනානායක විද්‍යාලයීය සියලුම දෙමාපියන් වෙත,


2022 වර්ෂයට අදාල තුන්වන වාරය 2023.02.20 දින ආරම්භ වේ.

වඩා යහපත් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් සඳහා පාසල් පරිශ්‍රය කැළිකසළවලින් තොරව පවත්වාගෙන යාම ඉතා අවශ්‍ය කරුණකි.

 මෙතෙක් ඒ සඳහා පාසල් පරිපාලනය  හොඳින් කටයුතු කර ඇතත්, එය තව දුරටත්   ඉතා ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමට අවශ්‍ය බව මම  අදහස් කරමි.

එම නිසා නව පාසල් වාරය ආරම්භක දිනයේ සිට තම දරුවන් පාසල් එවීමේ දී හා විවිධ කටයුතු සදහා ඔබ පාසලට පැමිණීමේ දී පහත සඳහන් ආකාරයට කටයුතු කරන ලෙස සියලුම දෙමාපියන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.


⭕පාසලට ගෙන එන ආහාර  lunch sheetsවලින් තොරව කෑම පෙට්ටිවල දමා රැගෙන ඒම.


⭕පාසල් පැමිණෙන ඕනෑම අවස්ථාවක පොලිතීන්වලින් නිෂ්පාදිත හෝ පොලිතීන් ඇසුරුම් සහිත ( යෝගට් , කිරි පැකට්....) වැනි කිසිදු ද්‍රව්‍යයක් රැගෙන නො ඒම.


⭕අනවශ්‍ය ලෙස කඩදාසි ආදිය පාසල තුළට රැගෙන නො ඒම.

මේ සම්බන්ධව පාසල් පරිපාලනය විවිධාකාරයෙන් දෛනිකව අධීක්ෂණය කරන බව ද තව දුරටත් දන්වා සිටිමි.


මෙයට,

විදුහල්පතිතුමා

(සම්පත් වේරගොඩ)

Comments

Popular posts from this blog

අ.පො.ස සාමාන්‍ය පෙළ විශිෂ්ඨයින් ඇගයීම 2022(2023) 🥇🥈🥉

🟡⚫ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023)